Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවෙන් ලකුණු 704 ක් සමඟ වාර්තා රැසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිෂාන්, මෙන්ඩිස් හා මැතිව්ස්ගේ ද්විත්ව ශතක සහ ශතක සමගින් ලකුණු පුවරුව ඉහළට ගෙන ඒමට අයර්ලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී කුසල් මෙන්ඩිස් විසින් නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ ටෙස්ට් ක්‍රිකට් ඉනිමක දී ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු විසින් එල්ල කල වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කිරීමත් සමඟයි.

බංගලාදේශය සමඟ 2014 වසරේ දී පැවති ටෙස්ට් තරඟයේ දී කුමාර් සංගක්කාර විසින් හයේ පහර 08ක් එල්ල කර තිබුණා.කුසල් මෙන්ඩිස් විසින් මෙම තරඟයේ දී එල්ල කළ හයේ පහරවල් 11ත් සමඟින් එම වාර්තාව බිඳ වැටුනා.තවද කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ දී තමන්ගේ මංගල ද්විත්ව ශතකය ද වාර්තා කිරිමට සමත් වුණා.ඔහු ලකුණු 245ක් රැස් කළ අතර ඊට 6 පහර 11ක් සහ 4 පහර 18ක් ද ඇතුළත් ය.

සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න ශතකයක් සමගින් ලකුණු 115 ක් රැස් කළේ ය.ඇන්ජලෝ මැතිව්ස් 15වැනි ටෙස්ට් ශතකය රැස් කළේ ය.ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත් ය.කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවූවේ ය

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 212ක් පසුපසින් සිටිමින් අයලර්න්ත දෙවැනි ඉනිම ආරම්භ කළේ, ජේම්ස් මැක්කොලම් සහ පීටර් මුවර් ය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියේ ය.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ජේම්ස් මැක්කොලම් ලකුණු 10කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය.

දෙවන කඩුල්ල ලෙස පීටර් මුවර් දවා ගත්තේ ප්‍රභාත් ජයසූරියයි.

Scroll to Top