බස්නාහිර හැර සෙසු පළාත්හි පාසල් සිසුන් සඳහා ආහාර සැපයීම, සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ ප්‍රමාදයක් හේතුවෙන් අඩාල වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත් මහතා පවසා ඇත.
ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.
මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට දේශීය නිෂ්පාදකයන් එකඟ වී ඇති බවයි.