සියලුම පාසල් ළමයින්ගේ සපත්තු සහ බෑග් මිල එළඹෙන මැයි මස 09 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමට එම නිෂ්පාදකයෝ එකගතාවය පළකර ඇත.
ඒ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සහ පාසල් බෑග් නිෂ්පාදකයන්, සපත්තු නිෂ්පාදකයෝ අතර (25) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදන වලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය නිෂ්පාදකයන්ට සදහන් කර ඇත.
එහි වාසිය පාසල් ළමුන්ට ලබාදෙමින් පාසල් බෑග් සහ සපත්තු වල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර ඇත.