Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාවුස්සාකැලේ ජලාශයේ ජලය බැසයාමෙන් පසු හින්දු කෝවිලේ පූජාව හා දන්සල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාවුස්සාකැලේ ජලාශයේ ජලය සිඳී ගොස් පැරණි මස්කෙළිය නඟරයෙන් යළි මතුවූ ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලට හින්දු, බෞද්ධ බැතිමතුන් පූජා පවත්වා දන්සල් දෙයි.

මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයට යටවී තිබී ජලය සිඳී යාමෙන් පසුව මේ වන විට පැරණි මස්කෙළිය නඟරයේ සර්ව ආමික ස්ථානවලින් සම්පූර්ණයෙන් දිස්වන ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලට හින්දු බැතිමතුන් විසින් (22) දා පුද පූජා පවත්වා ප්‍රදේශවාසීන්ට බත් දන් සලක් ලබා දෙන ලදී.
මාවුස්සාකැලේ ජලාශයේ පැරණි මස්කෙළිය නඟරයේ (ගඟේවත්ත) ප්‍රදේශයේ ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 1910 වසරේදීය. ඉන්දියාවේ සිට පැමිණි දක්ෂ ශිල්පීන් පිරිසක් විසින් ෂන්මුගනාදන් කෝවිල තනි කළු ගලෙන් ඉදිකිරීම් ආරම්භ කළ බව පැරැන්නෝ පවසති. ඉදිකිරීම් අවසන් කර ඇත්තේ 1917 වසරේදීය. ලක්ෂපාන ජලවිදුලි ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් අනතුරුව මාවුස්සකැලේ ජලාශයට ජලය පුරවා ඇත්තේ 1969 දීය.
මෙම කෝවිල හා සර්ව ආගමික ස්ථාන මාවුස්සාකැලේ ජලාශයේ ජලය සිඳී යන සෑම කාලයකදීම දැකගත හැකිය. ජලය සිඳී පැරණි ආගමික ස්ථානවල නටඹුන් යලි දිස්වීමත් සමග ප්‍රදේශයේ බෞද්ධ හා හින්දු බැතිමතුන් එම ආගමික ස්ථාන වැඳ පුදා ගැනීමට පුරුදුව සිටිති.
බ්‍රවුන්ලෝ තේ වතුයායේ ජනතාව විසින් මෙම දන්සල සංවිධානය කර ඇති අතර මෙම අවස්ථාවට මස්කෙළිය පොලිසියේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, නාවුක හමුදා නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග බ්‍රවුන්ලෝ තේ වතුයායේ කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසී බෞද්ධ හා හින්දු ජනතාව විශාල පිරිසක් එක්ව සිටිහය.

mawssakale-tank mawssakale-tank mawssakale-tank mawssakale-tank mawssakale-tank

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Scroll to Top