අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 16 ක ගොවිපළ ප්‍රමාණ දෛහසකින් පමණ එළ හා මී ගවයින් අතර ගැටිති රෝගයක් හට ගෙන එම රෝගය ව්‍යාප්තවීම නිසා මේ වන විට දෛනිකව කිරි කර්මාන්තයේ නිරත වන කිරි ගොවීන්ගේ කිරි කර්මාන්තයට බරපතල තර්ජනයක් එල්ලවී ඇති බව කිරි ගොවීහූ පවසති.
සාමාන්‍ය ප්‍රමාණයේ සම මතුපිට ගැටිති හට ගැනීමත් එම ගෙඩි විශාල වී පසුව පුපුරා යාමත්,එම පුපුරා යන තැන් වලින් ලේ සහ සැරව ගලා යාමත් සිදු වන අතර මෙම රෝගය වැළඳුනු ගවයින් දින ගණනාවක් නිරාහාරව සිටීම නිසා ඔවුන්ගේ වර්ධනය බාල වීම සිදු වන බවයි කිරි ගොවීහූ පෙන්වා දෙන්නේ.
මෙනිසා දෛනිකව කිරි ලබා ගන්නා දෙනුන්ගේ දෛනිකව කිරි ලීටර් 10ක් පමණ ලබා ගත් දෙනුන්ගෙන් දැනට ලබා ගැනීමට හැකි වන්නේ කිරි ලීටර් තුනක් පමණ වන බවයි මෙම ගොවීහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.දැනට දිස්ත්‍රික්කය පුරා කිරි ගොවීහු මෙම වෛරස තත්ත්වය නිසා විශාල පරිශ්‍රමයක් තම අනෙකුත් කිරි ගවයින් රැක ගැනීම සඳහා දැරීමට සිදු වි ඇති බව පෙන්වා දෙති.
වසර 40ක පමණ කාලයක සිට ගව පාලනයේ නිරත වන ගොවීන් පවා අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වසර 40ක කාලය තුළ තම ගවයින්ට මෙතෙකේ මෙවැනි රෝගයක් වැළඳී නොමැති බවත්,මෙවැනි රෝගයක් ප්‍රථම වරට තම ඇසින් දුටු බවයි.පෙර බෞද්ධ කතා වල එන පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට වැළඳුනු දද කුෂ්ඨ රෝගයට සමාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම වෛරස තත්ත්වය පිළිබඳ උතුරු මැද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ කාර්යාලය මඟින් මේ පිළිබඳ විවිධ පරීක්ෂණ සිදු කර අදාළ රෝගය වැළඳුනු කොට්ඨාශ වල ගවයින් සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබුණ ද රෝගය සීඝ්රයෙන් පැතිර යාම නිසා කිරි ගොවීන් තම ගව සම්පත රැක ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි පළාත් අධ්යක්ෂ කාර්යාලය පෙන්වා දෙන්නේ.
මේ වන විට නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මෙම රෝගය බහුල වශයෙන් දැකිය හැකි අතර මේ වන විට දෛනිකව ගවයින් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවයි නාච්චාදූව පශු වෛද්‍ය නිළධාරිනි එච්.එස්.ආර්.සිල්වා මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
ගව සමේ ගැටිති රෝගය එහෙම නැත්නම් ලම්ප්ස්කින් ඩිසීසස් (Lump Skin Diseases) කියන්නේ ලංකාවට අලුතින් ඇතිවුණු රෝගී තත්ත්වයක්.මේ දිනවල උතුරු මැද පළාත තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වන වෛරස රෝගී තත්ත්වයක් වගේම වසංගත රෝගී තත්ත්වයක්.
පළමුවෙන්ම කියන්න ඔින සතුන් මඟින් මෙම රෝගය මිනිසාට බෝ වීමේ අවදානමක් නොමැති රෝගයක් බව.මී ගවයින්ගේ සහ එළ ගවයින්ගේ සමෙහි ගැටිති ඇතිවීම සහ සමහර ස්ථාන වල ඉදිමුම් ඇතිවීම මඟින් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්.මෛ රෝගයේ මරණ ප්‍රතිශතය 1%ක් 2%ක් පමණ තත්ත්වයක පැවතුනත්,මෙම දිනවල පවතින අධික උෂ්ණත්ව තත්ත්වය යටතේ මේ රෝගය සීඝ්රයෙන් පැතිර යාමේ අවදානම ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා.මෙනිසා කිරි නිස්ාපාදනයට ඉතාම ඉහළ බපෑමක් ඇතිකරන්න හැකියාව තියෙනවා.දිනකට කිරි ලීටර් 10ක් දුන්න ගවයෙක් මෙම රෝගය වැළඳීම නිසා වර්දනය බාලවීම යනාදී කරුණු හේතු කොට ගෙන එම මුරයේම කිරි නිෂ්පාදනය බාල වෙන්න පුළුවන්.
ගවයින්ට මෙම රෝගය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ කිනිතුල්ලන්,මැස්සන්,මදුරුවන් හා කෘමි සතුන් වැනි රෝග වාහකයින් සහ සෘජු ස්පර්ශය මඟින්.අපේ ගොවි මහතුන්ට මෙම රෝගය ඉතා පහසුවෙන් වාහකයින් මර්ධනය සහ සෘජු ස්ර්ශය මඟින් මෙම රෝගය ඇතිවීම සහ පැතිරීම පාලනය කර ගන්න පුළුවන්.අපි ගොවි මහතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබගේ ගොවිපළේ යම්කිසි රෝගී සතෙකු වාර්තාවුණහොත් ඒම රෝගී සතා නිරෝගී සතුන්ගෙන් වෙන්කර තබා ගන්නා ලෙසත්,අනෙකුත් ගොවිපළ සතුන්ගෙන් වෙන්කොට තබා ගන්න.රෝගය වාර්තා වන ප්‍රදේශ වලට සතුන් නිදහසේ තෘණ උලා කෑමට යැවීමෙන් වළකින්න.
වැදගත්ම දේ අනවසර සත්ත්ව ප්‍රවාහන කටයුතු.පළාත තුළට,පළාත තුළ සහ පළාතින් පිටතට සිදු කරන අනවසර සත්ත්ව ප්‍රවාහන කටයුතු නතර කරන්න.මෙම රෝගය වෛරස රෝගයක් නිසා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ.සමේ ඇති වන වේදනාකාරි ගැටිති ඉදිමුම්.අයිස් වලින් තැවීම විනාකිරි වලින් සේදීම ආදිය කරන්න පුළුවන්.තුවාල වලට තුවාල සඳහා යොදන බෙහෛත් ගල්වන්න.දෙවනුව ඇතිවන බැක්ටීරියා ආසාදන තත්ත්වය අධික නම් සහ රෝග ලක්ෂණ අධික නම් පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්න.
මෙම රෝගය වැළඳුනු ගවයෙකුගේ මස් මිනිස් පරිභෝජනය සඳහා නිර්දේශ කරන්නේ නැහැ.එනිසා මස් අනුභව කිරීමට තරම් මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයේ නැහැ.මොකද මෙම රෝගය සතුන්ගේ පිටත මෙන්ම ශරීර අභ්‍යන්තර අව්‍යව වල පවා ව්‍යාප්ත වීම නිසා මෙම සතුන්ගේ මස් පරිභෝජනය නිර්දේශ කරන්නේ නැහැ.
තිසර සමල්