2022-2023 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹෙන වෙසක් පොහොය දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගිය 21 වෙනිදා රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවති රැස්වීමක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කරයි.
මීට අමතරව ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැර 4කින් වැඩමවීමට නියමිතයි.
ඒ, රත්නපුර රජමාවත, රත්නපුර කුරුවිට මාර්ගය, නල්ලතන්නිය බගවන්තලාව මාර්ගය සහ නල්ලතන්නිය ලක්ෂපාන හරහා අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේයි.
තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ශ්‍රී පාදය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන සංවර්ධන කටයුතු වලදී ඒ සඳහා පත්කර ඇති කමිටුව දැනුවත් කරන ලෙසයි.
එසේ දැනුවත් කිරීමක් සිදු නොකර සංවිධානය කරන කිසිඳු කටයුත්තක් සිදු කිරීමට ඉඩ නොදෙන බවද උන්වහන්සේ සඳහන් කරයි.