එළැඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් ඇෆ්ගනිස්ථානය සමඟ ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසු තීරණය කරන බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.
කෙසේ වෙතත් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර සතිඅන්ත ජාතික පුවත්පතක් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් දෙදෙනෙකුට අවස්ථාවක් හිමිවන බවයි.