Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර බලපත්‍ර ගාස්තු ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාමේදී ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.

රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බවවාර්තා වෙයි.

ඒ අනුව ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 2,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000 දක්වා ඉහළ නංවා තිබේ.

ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 4,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 දක්වා ඉහළ නංවා ඇති අතර ගල් වෙඩි බෙහෙත් සහ ආරක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 සිට 10,000 දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වෙයි.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව සහ පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුව ද ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුව ද රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Scroll to Top