ලොව ධනවත්ම නගරය බවට අමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත.
මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත.
ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000ක් වෙසෙන අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.