Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධික උෂ්ණත්වය හේතුවෙන් අවධානම් තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතියි.

ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබීම වර්තමානයේ රටවල් විශාල ප්‍රමාණයක දකින්නට ලැබේ.

පර්යේෂකයින් පවසන්නේ, ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් පුද්ගලයින් විශාල වශයෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන බවයි.

එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

නමුත් මෙම ගණන තවත් වැඩිවිය හැකි බව පැවසෙයි. මේ දිනවල ශ්‍රී ලංකාවේද අධික උෂ්ණ කාලගුණයක් පැවතීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මීට පෙර අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට අවධානයෙන් අනුගමනය කළයුතු පියවර කිහිපයක් මෙලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්).

2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම.

3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමුවීම.

5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.

6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා..

Scroll to Top