අවාරේ ශ්‍රී පාද වන්දනා සීමා කිරීම සදහා (18) රැස්වූ ශ්‍රී පාද වන්දනා සංවිධාන කමිටුව තීරණය කරනු ලැබීය.
එම කමිටුව (18) රත්නපුර පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ගෞතම ශ්රීපාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් විය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසූයේ අවාරයේ ශ්‍රී පාද කරුණාව කිරීම නිසා ගැටළු රැසක් පැන නැගී ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසුයේ ත්‍රාසය හා වීරත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඇතැම් පුද්ගලයින් අවාරය තුළ ශ්‍රී පාදය තරණය සදහා පෙළඹවී ඇති බවය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසූයේ ශ්‍රී පාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස පොහෝදා ආරම්භ වී ඊළග වර්ෂයේ වෙසක් පොහොය දක්වා පැවැත්වෙන බවය.
වෙසක් පොහොය දිනෙන් පසු එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රී පාද වන්දනාවේ අවාරය ලෙස දුරාතිතයේ පටන් පැවතගෙන එන බවද උන්වහන්සේ මෙහිදී පැවසීය.
ශ්‍රී පාද වන්දනා වාරය සමයේ පරිසරය ඊට උචිත ලෙස පවතින බව පැවසූ ශ්රීපාදස්ථානාධිපති හිමියන් අවාර සමයේදී වැසි, සුළං වැනි ශ්‍රී පාදස්ථානයට ප්‍රවේශ වීමට උචිත පරිසර තත්වයක් නොවීම මෙලෙස වාර සහ ආවාර ලෙස නම් කිරීමට හේතු වූ බව උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී පාද වන්දනා සමයේ ඇති විදුලිය, ජලය, මහජන ආරක්ෂාව, සෞඛ්‍ය සේවා, ආහාර පාන සැපයුම යනාදිය අවාර කාලයේ නොමැති බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසූයේ යම් කිසි රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, විදේශ සංචාරකයන් සහ වෙනත් පුරාණ සිරිත් විරිත් වලට යටත්ව ඇති භාර හාර ආදිය සදහා වන්දනා කටයුතු වල නිරත වන්නට අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවද උන්වහන්සේ මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පැවසූයේ අවාරයේ සිරිපා වන්දනාව නිසා මතු වී පවතින ගැටළු වලට පිළියමක් ලෙස රජයේ නීතී අනුව යම් යම් සීමාවන් පැනවීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා මෙම කමිටුව දැක්වූ අදහස් අනුව කටයුතු කරන බවය.