Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

Covid ප්‍රභේදයක් වන ‘Arcturus’ පැතිරීම ඇරඹෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන, XBB. 1.16 හෝ Arcturus ව්‍යාප්තිය මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙය ‘අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්’ ලෙසයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, නවතම omicron ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වීම ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන් නැවත ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන්.

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදය වන Arcturus යනු කුමක්ද?

මෙය 2021 වසර අගභාගයේදී හඳුනාගත් කොවිඩ් උප ප්‍රභේදයක් වනවා. එය ඩෙල්ටා ප්‍රභේදය විසින් ප්‍රතිස්ථාපනය කරන ලද omicron ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස හැඳින්වෙනවා.

දැනට මෙම ප්‍රභේදය හේතුවෙන් පසුගිය වසරේ පෙබරවාරි අග වන විට ලොව පුරා රෝගීන්ගෙන් 0.21% මියගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව පසුව මෙම මරණ සංඛ්‍යාව 3.96% දක්වා වර්ධනය වී තිබුණා. නමුත් පසුගිය අප්‍රේල් 15 වන විට එම මරණ සංඛ්‍යාව 7.2% දක්වා විශාල අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, අනෙක් ප්‍රභේද වලට වඩා මෙය වර්ධනය වීමේ වාසියක් පවතින බවයි. එමෙන්ම වෛරසයේ ලක්ෂණ වලට බලපෑම් කළ හැකි ජානමය වෙනස්කම් මෙමගින් ඇතිකළ හැකි බවයි.

Scroll to Top