Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උසස් පෙළ පිළිතුරු පත්‍ර ගැටළුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතියම අනතුරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විශ්වවිද්‍යාල ආචාර්යවරු කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මගහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න සඳහන් කරයි.

සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නොමැති බවත් සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කර ඇති නමුත් මෙම අර්බුදය නිසා විභාග පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇත.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන්ට එක් උත්තර පත්‍රයක් වෙනුවෙන් රු. 175.00 ක මුදලක් ද, රු. 2000.00 ක දෛනික පැමිණීමේ දීමනාවක් ද යෝජනා වී ඇත. මෙම දීමනා ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ, අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරු නියෝජිතයින් පොදු එකඟතාවයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන බව ඇය සඳහන් කරයි.

1988 – 1994 සමයේ දී මෙරට විශ්වවිද්‍යාලයන්හි විභාග පැවැත්වීම හා ප්‍රතිඑල නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැවැන්ත විනාශයක් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදු වූ අතර, මාස තුනකට වැඩි කාලයක් දිග් ගැසුණු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය, විශ්වවිද්‍යාල දේශන වර්ජනය කිරීම, සා.පෙ. විභාගය සඳහා දින නියම කළ නොහැකිවීම නැවත එවැනිම අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

Scroll to Top