Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සංචාරය කිරීමට හොඳම ස්ථාන 23ට ශ්‍රී ලංකාවත් ඇතුලත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබේ.

ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ.

සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සංචාරය කිරීමට වඩාත් සුදුසු රාජ්‍යයක් බවටයි ප්‍රකාශ කර තිබෙන්නේ.

ඇයගේ මගපෙන්වීම යටතේයි ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ.

මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තරයෙන් තැනක් හිමිවීමට හේතුව වූයේ SLTPB 2022 හි Visiting Blogger වැඩසටහන යටතේ එම වසරේ දී ජුලියානා ලංකාවේ සිදු කළ සංචාරය බවයි වාර්තාවන්නේ.

එමෙන්ම නුවරඑළියේ පැමිණිමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය පෙන්වාදෙනවා.

ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ලැබිය හැකි සුන්දරතම අත්දැකීම් ලෙස පෙන්වාදෙන්නේ,

”“You can go on safari to an Elephant Sanctuary, go whale watching on the Indian ocean and spy on birds, lizards, jellyfish and monkeys in a mangrove.” යනුවෙන්.

එමෙන්ම යාල ජාතික වනෝද්‍යානය, අනුරාධපුරය සහ මහනුවර ද මෙම සංචාරක මධ්‍යස්ථාන අතරට අයත් ව තිබේ.

මේ අතර චීන රජය විසින් තම පුරවැසියන්ට සංචාරය කිරීම සඳහා අනුමත කරන රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන පවසයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ චීන සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවට අමතරව චීන වැසියන්ට සංචාරය කළ හැකි ගමනාන්ත ලෙස තායිලන්තය, සිංගප්පූරුව, පිලිපීනය, සහ නවසීලන්තය වැනි රටවල් ද එරට රජය විසින් නම් කර තිබේ.

Scroll to Top