Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි පාද උඩ මළුවට බර රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ගැස් සහ ශ්‍රි පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර පිරිනැමිම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානයේදි සිදු කෙරිණ.

ශ්‍රි පාද වන්දනා වාරයේදි එම කම්කරුවන් දිනපතා ශ්‍රි පාද උඩ මළුවට සහ මාර්ගය දෙපස පිහිටි වෙලදසැල් වලට භාණ්ඩ රැගෙන යන අතර, එම කම්කරුවන්ට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සලාක සහ මුදල් ආධාර පරිත්‍යාග කල බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

එම බරකරුවන්ට අමතරව ඔහුන්ගේ පාසල් වියේ පසුවන දරු දැරියන්ට අවශ්‍ය නිල ඇදුම් රෙදි සහ අවශ්‍ය පාසල් උපකරණද බෙදා දුන් අතර, නල්ලතන්නිය ප්‍රදේශයේ අවට පිහිටි වතු කොවිල් වෙත සහල් මළු පිරිනැමිමක්ද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් විසින් සිදු කෙරිණ.

නල්ලතන්නිය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට සහ ශ්‍රි පාද උඩ මළුව දක්වා බර රැගෙන යන කම්කරුවන්ට සහ ඔහුන්ගේ පවුල් වල දෘශ්‍ය අබාධිත අය හට අවශ්‍ය ඇස් කණ්ණාඩි ලබාදිමක්ද මෙයට සමගාමිව සිදු කෙරිණ.

මෙම අවස්තාවට ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන්ගේ පවුලේ ඥාතින් පිරිසක්ද සහභාගි වි සිටිහ.

Scroll to Top