ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 සමාරම්භය සනිටුහන් කරමින් (31) දිනයේදී තරගාවලියේ පළමු තරගය ආරම්භ වුණි.
ඒ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
තරගය පැවැත්වුණේ අහමාබාත් ක්‍රීඩාංගණයේ දී වන අතර, කාසියේ වාසියේ ජය හිමිවූයේ ද ජයග්‍රාහී ටයිටන්ස් වෙතයි.
ටයිටන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යාගේ පළමුව පන්දු යැවීමේ තීරණයත් සමගින් පන්දුවට පහරදීමට ආරාධනා ලැබූ චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසියේ වැඩි ලකුණු ප්‍රමාණයක් පන්දුවාර 20ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 178ක් ලබාගත්තා.
රුතුරාජ් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දු 50ක දී ලකුණු 92ක් ලබාගත්තේ වර්ණවත් හයේ පහර 9ක් සහ හතරේ පහර 4ක් ද සමගින්.
පිටියට පැමිණි ටයිටන්ස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ පන්දුවාර 19කුත් පන්දු 02කුත් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින්.
අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් ලකුණු 63ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 06ක් ද සමගින්.
ඒ අනුව පළමු තරගයේ ජය ද පසුගිය වසරේ (2022) ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් 2023 ඉන්දීය ප්‍රීමියර් ලීගයේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විිය.