Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යාල කළු කොටියා නොහොත් ‘පැන්තර්’ ගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්ද? ඇත්ත කතාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ චර්යාවන් නිදහස් අයුරින් පැවැත්වීමට විශාල බාධාවක් වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් යාල ජාතික උද්‍යානයේ සංචාරය කිරීමේදි අහඹු ලෙස කොටි පැටියා දැක ගැනීමට කටයුතු කිරිම මිස ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීමෙන් වලකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීම කොටි පැටියාගේ පැවැත්මට බලවත් හානියක් බවත් සංචාරකයින් ජායාරූප ගැනීම සඳහා කොටි පැටියා හඹා නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

අහඹු ලෙස මුණ ගැසුණු මෙම කොටි පැටියා සංරක්ෂණය කර ගැනිමට අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොටියා ගැවසෙන ප්‍රදේශ වලට යම්යම් සීමාවන් පැණවීමට පියවර ලෙන තිබේ.

කළු කොටි කියා වෙනම විශේෂයක් නොමැත, එබැවින් කළු කොටි වඳව යෑමට නොහැකිය. කළු කොටි යනු ඔබ දකින , දන්න සාමාන්‍ය කොටියා Panthera pardus විශේෂයේම ජාන විකෘතියකි. මේ ජාතියේ කලු පාට කොටින්ට පවතින්නේ මෙලනින් වර්ණකය අධික වීම. විද්‍යාත්මකව හඳුන්වනවා මෙලනිස්ටික් නිදර්ශකයන් ලෙස. ලංකාවේත් මීට පෙර මෙලනිස්ටික් කොටි එහෙම නැත්තන් කලු කොටි වාර්තා වුන අවස්ථා තියෙනවා. සාමාන්‍යය ආකාරයේ කොටි දෙනක් සහ කොටියෙකු අතර සහවාසයෙන් මෙැවැනි කලු කොටි බිහිවෙන්න පුළුවන්. දුර්ලභ අවස්ථාවක් වුනාට විය නොහැකි සංසිද්ධියක් නොවෙයි.

ඒ වගේම වඳව ගිය කළු කොටි යන භාවිතාව වැරදී. ඒකට හේතුව ලංකාවේ ඉන්න සාමාන්‍යයෙන් කොටින් තුල මේ ජාන විකෘතය ගලා යෑම සිදුවෙන නිසා ඕනම අවස්ථාවක කලු කොටියෙකු බිහිවෙන්න පුළුවන්. මේ වගෙ කළු කොටින්ට ‘පැන්තර්’ යන නාමය භාවිතා කරනවා.

Scroll to Top