නුවරඑලිය වික්ටොරියා උද්‍යානයේ ළමා ක්‍රිඩාංගණයේ (30) දින සිට පුංචි කොච්චියක් ධාවනය කිරිමට නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජිවා බොධිමාන්න මහත්මිය විසින් ආරම්භ කරනු ලැබුහ.
නුවරඑලිය මහ නගර සභාව විසින් මිට ප්‍රථම නුවරඑලිය වික්ටොරියා උද්‍යානයේ ළමා ක්‍රිඩාංගණයේ මෙම දුම්රිය ධාවනය කර පසුව එම දුම්රියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිර්ඝ කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබුණි.
එසේ ධාවනයෙන් ඉවත් කර තිබු පුංචි කොච්චිය නාගරික කොමසාරිස්වරියගේ මැදිහත් විමක් මත යලිත් අළුත්වැඩියා කර එම දුම්රිය 2023 නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව ධාවනය කිරිමට පියවර ගැණින.
නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දු දරුවන්ට මෙම දුම්රියෙන් ළමා උද්‍යානය පුරා කිලෝමිටර් 1 පමණ දුර ගමන් කිරිමට හැකි අතර , ඒ සදහා රු 100 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි.
නඩත්තු කටයුත්තෙන් පසු එම දුම්රියේ පරික්ෂණ චාරිකාවක් නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජිවා බොධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) දින සිදු කෙරිණ.
2023 වසරේ නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් මස (01) දින සිට (30) දින දක්වා පැවැත්විමට නුවරඑලිය මහ නගර සභාව පියවර ගෙන ඇත.
රංජිත්