Facebook සම නිර්මාතෘ මෙන්ම, Meta ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.
තෙවැනි දියණියගේ නම ලෙස එහි දක්වා ඇත්තේ ඔරේලියා චැං සකර්බර්ගග් ලෙසයි.
‘ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්’ යනුවෙන් සකර්බර්ග් සිය දියණිය ගැන සටහනක් ද එහි තබා තිබෙනවා.
සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට Like ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතිනවා.
සකර්බර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් වනවා.