Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අනුරාධපුර ගංවතුර නැති කරන්න තවත් වැඩක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආපදා අවදානම අවම කිරීමේ අරමුණින් හා ගොවි බිම් වෙත පහසුවෙන් ජලය ගෙන යාමේ අරමුණින් අනුරාධපුර හාල්පානු ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මුල්‍ය ප්‍රථිපාදන මත, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා වාරී මාර්ග දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.ඒ යටතේ රුපියල් ලක්ෂ 15 ක වියදමින් අනුරාධපුර පූජා භූමිය තුළ පවතින හාල්පානු ඇළෙහි කිලෝ මීටර 2.5 ක දුරක් සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කිරීම සිදු කෙරේ.ඒ යටතේ, හාල්පානු ඇළ තුළ ඇති කැලිකසල, ආක්‍රමණික ශාක හා රොන් මඩ ඉවත් කර පහසුවෙන් ජලය ගලා යන ලෙස මෙම ඇළ මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීමට නියමිතය.
දීර්ඝ කාළයකින් මෙම ඇළ මාර්ග සුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් විශාල වශයෙන් ආක්‍රමණික ශාක වර්ධනය වී පවතින අතර, රොන් මඩ හා කැළි කසලද පිරී පවති, ඒ හේතුවෙන් ජලය ගලා යාම නිසි ලෙස සිදු නොවන අතර, ඒ මගින් සුළු වර්ෂාපතනයකදී පවා ඇළ මාර්ගයේ ජලය හිරවී ගංවතුර තත්වයන් පසුගිය කාළය පුරාවටම ඇති විය.ඒ අනුව ආපදා අවම කිරීම මෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 650 ක් සඳහා පහසුවෙන් ජලය ගෙන යාමේ හැකියාව පවතින බවද මෙම ඇළ යටතේ වගා කටයුතු සිදු කරන පැරකුම් ගොවි සංවිධානය පවසයි.


මීට පෙරද 2018 වර්ෂයේදී දුමින්ද දිසානායක මහතා ආපදා කළමණාකරණ අමාත්‍යයවරයාව සිටියදී , ආපදාවට පෙර සූදානම නම් ව්‍යාපෘතිය ආරම්භ කර වසර ගණනාවකින් සංවර්ධනය ‌නොකෙරුණු මල් වතු ඔයෙහි බාධක ලෙස වැටී ඇති ගස් ඇතුළු අනෙකුත් බාධක ඉවත් කර, පිරී ඇති පස් දෙපස ඉවුරට ගොඩ ගසා, ඔය තුළ ඇති විශාල ගස් ඉතිරි කර පැරණි මල්වතු ඔය තරමටම මල්වතු ඔය පළල් කිරීම සිදු කරමින්, සෑම වර්ෂයකදීම පවතින දැඩි වර්ෂාවත් සමග මල්වතුඔය ආශ‍්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කරමින් මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කරමින් ජර්මන් පාලම අසල සිට කොහොඹගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප‍්‍රතිසංස්කරණය කිරීම සිදු කරනු ලැබීය.
2018 වර්ෂයට පෙර සෑම වසරකදීම සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය දෙපස වගා බිම් ජලයෙන් යටවීම හා අනුරාධපුර නගරයේ ජයන්ති මාවත සහ ඒ ආසන්නයේ පිහිටි රාජ්‍ය ආයතන පෞද්ගලික නිවාස යටවීම සුලබ දසුනකි.2018 වර්ෂයෙන් පසුව වසර 05 ක් පුරාවට අනුරාධපුර නගරයට මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්වයන් මල්වතු ඔය ප්‍රථිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇති නොවීය.එම ව්‍යාපෘතියේම තවත් අදියරක් ලෙස හාල්පානු ඇළ ප්‍රථිසංස්කරණය කිරීමද සිදු කෙරේ.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top