Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙයි.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව, පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි.

ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් අසලංක, දසුන් ශානක හා වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා. දෙරට අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්.

ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්තයේදී එක්දින තරඟාවලියක් ජයගෙන ඇත්තේ මීට වසර 22 කට පෙරයි. ඒ, 2001 වසරේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2023 එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබනවා ද නැද්ද මෙම තරඟාවලියෙන් තීරණය කෙරෙයි.

ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වු ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග අභියෝගය වන්නේ නවසීලන්ත කණ්ඩායම සිය මව් බිමේදී තරග තුනට බින්දුවක් ලෙස පරාජය කිරීමයි.

මෙම තරග තුන ම ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 107ක් සමගින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන අතර, දකුණු අප්‍රිකාවට එම අවස්ථාව අහිමි වෙයි.

ශ්‍රී ලංකාව අවම වශයෙන් තරග දෙකක් ජය ගතහොත් ඔවුන්ට සෘජුම ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නට නම් දකුණු අප්‍රිකා – නෙදර්ලන්ත තරග දෙකේ තීරණ දෙස බලා සිටින්නට සිදුවනු ඇති.

Scroll to Top