ලෝක ජල දිනය අදට (22)යෙදී තිබේ.
මෙවර එහි තේමාව ජලය හා සනීපාරක්ෂක ගැටලු සඳහා කඩිනම් ප්රවේශයක් යන්නයි.
ජලය ජීවයේ උල්පතයි.
ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනි දාට යෙදි තිබෙන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයට පත් කරනු ලැබුවේ 1993 වසරේදීය.
පෘථිවියේ හතරෙන් තුනක් ජලයෙන් වසා පැවතියත් ඉන් බීමට ගත හැක්කේ 1% ත් වඩා අඩු ප්රමාණයකි.
මේ හේතුවෙන් ලොව අඛණ්ඩ පැවැත්මට ජල සම්පත රැක ගැනීම අතිශයින්ම වැදගත් ය.
අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් වාර්ෂිකව ලොව මිලියන 1.4 කට අධික පිරිසක් මියයන අතර තවත් මිලියන 74ක ආයු අපේක්ෂාව පහළ යන බව එක්සත් ජාතීන් පවසයි.
ගෝලීය උණුසුම මතම වරද පටවමින්, ජලය රැකීම යන වගකීමෙන් මිදීමට නොහැකි වන්නේ බොහෝ මිනිස් ක්රියාකාරකම් ජල අර්බුදයකට මග පාදා ඇති නිසයි.
ලොවෙහි ශේෂව පවතින ඉතා කුඩා ජල ප්රමාණය කළමනාකරණය කිරීමට පිළියම් යෙදීම සියලු රටවල්වල ප්රමුඛ වගකීමකි.
මේ වනවිට මෙරට ජනගහනයෙන් 62% කට පිරිසිදු පානීය ජලය ලබා දීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර ඇත.
2025 වසර වනවිට එය 100% ක් දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර අවසන් වේ.