දිවයිනේ සියලුම ජාතික පාසල් වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්, ලබා දී ඇති නිර්දේශ අනුව ලබන මස 17 වන දින සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන් හැර අනිකුත් ස්ථාන මාරු ක්රියාක්මක බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
අධ්‍යයන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති සඳහා ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් සිදුවේනම් ඒ පිළිබඳ අභියාචනා විදුහල්පතිවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
එම අභියාචනා විශේෂ කමිටුවක් මඟින් නැවත සලකා බැලීමට නියමිතය.
මෙතෙක් ලබා දී ඇති සියලුම තවකාලික අනුයුක්ත කිරීම් මේ වසරේ ජූනි මස 30 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් ජූනි මස 30 වන දිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුවරුන්ට ස්ථාන මාරු ලිපිය ලද වහාම ඒ අනුව කටයුතු කළ යුතු බව සඳහන්ය.