කෝවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසින් සංචාරකයන් වෙනුවෙන් වසර 03 කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර ඇති බව වාර්තා වේ.
දැඩි කොවිඩ් පාලන ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටි චීනය ගෙවුණු වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රට පුරා මතුවූ විරෝධතා රැල්ල ට ප්රතිචාරය ලෙස ය.
මේ අනුව සංචාරක වීසා නිකුත් කිරීම අද සිට ආරම්භ වනු ඇත.