Aboutceylon Online

නැති වූ ස්මාර්ට් දුරකතනය සොයාගත හැකි අලුත් ක්‍රමයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුන්වාදී ඇත.

එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුව ඇති සමස්ත පැමිණිලි ගණන එක්ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනස් එකකි.

2019 වසරේදී දුරකතන හතලිස් දහස් එකසිය හැට හතකුත්, 2020 වසරේදී දුරකතන දොළොස්දහස් පන්සිය හැටහතකුත්, 2021 වසරේදී දුරකතන විසිහත් දහස් නවසිය තිස් තුනකුත් සොරකම් වලට සහ නැතිවීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් නැතිවූ දුරකතන සොයා දීම පිළීබද වාර්තා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නොමැති බවත් ඒ දුරකතන පිළිබද වාර්තා පැමිණිලි යොමුවන පොලිස් ස්ථාන වෙතම යොමුකරන බව ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අධ්‍යක්ෂිකා මේනකා පතිරණ පැවසුවාය.

Scroll to Top