Aboutceylon Online

වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් කාර්යක්ශමව තිරකිරීමේ ක්‍රමවේදයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටවල් කිහිපයකට අයත් සමාගම් කිහිපයක විද්‍යාඥයින් පිරිසකගේ සහයෝගීත්වයෙන් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් වඩා කාර්යක්ශමව තිරකිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.

කාබන්ඩයොක්සයිඩ් වායුව ප්‍රබල උණුසුම්කාරකයක් වන නමුත් එය වාතය තුළ මිලියනයකට කොටස් 400 ක් පමණ වන ලෙස සාපේක්ෂව තනුක වී පවතී. මේ නිසා එම වායුව අවශෝෂණය කර විසර්ජනය කිරීම සඳහා විශාල ශක්තියක් වැයවන යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ.

හඳුන්වා දී ඇති මෙම නව ක්‍රමවේදයේදී, සාමාන්‍යයෙන් මෙවන් කාර්යයන් සඳහා භාවිතා නොකරන රෙසින සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බැවින් ඉහළ කාර්යක්ෂමතාවක් සහ අඩු පිරිවැයක් ප්‍රමාණවත් බව මීට සම්බන්ධ වී ඇති විද්‍යාඥයන් සඳහන් කරයි. මෙහිදී ඔවුන් වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඒවා මුහුදේ තැන්පත් කිරීමේ තාක්ෂණයක් අනුගමනය කරන බවද තවදුරටත් පවසා ඇත.

මෙම නව ක්‍රමවේදය ව‍ර්තමානයේ පවතින ක්‍රම වලට වඩා තෙගුණයක් දක්වා කාර්යක්ෂමව වායූන් අවශෝෂණය කරන බව අධ්‍යයනයේ නිරත වන විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව අනාගතයේ පාරිසරික සුරක්ෂිතතාවට මෙය බෙහෙවින් ඉවහල් වනු නොඅනුමානය.

Scroll to Top