පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වා තිබේ.
ඒ අනුව ඔහු සඳහන් කළේ එය විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බවයි.
මීට අමතරව එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.