Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ග්‍රාමීය මට්ටමේ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ග්‍රාමීය මට්ටමේ පිහිටි ඉන්ධන පිරවුම්හල් රැසක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ විදුලිබිල සහ අනෙකුත් වියදම් ඉහළ යාම මෙන්ම QR කේතය හරහා ඉන්ධන බෙදාහැරීම නිසා ඉන්ධන අලෙවිය සීමාවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මේ අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ ජනවාරි මාසය දක්වා කාලය සැසදීමේදී මෙරට ඉන්ධන අලෙවිය සියයට 30ත් 70 ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අතරින් වැඩිම අගයකින් අඩු වී ඇත්තේ භූමිතෙල් අලෙවියයි. එම ප්‍රතිශතය සියයට 70ක්. ලංකා ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් පහළ වැටී තිබුණා. පෙට්‍රල් අලෙවියද සියයට 30කින් පහත වැටී තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවිය පිළිබඳ නිකුත් කළ වාර්තාවක් මඟින් මෙම කරුණු අනාවරණ කර තිබේ.

Scroll to Top