Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නෙතුකි තෙහන්සාට අකාලයේ මියයාමට දී බලා සිටිනවාද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජිවිත මරණය අතර ජිවත්වන වයස අවුරුදු එක හමාරක්හමාරක් පමණ වන සිඟිත්තියක් පිළිබඳව ගලෙන්බිදුනුවැව වෙමු වැව ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා.

අනුරාධපුර දිස්ත්රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 182 වෙම්බුවැව ග්‍රාම සේවා තුලානේ සිවලාකුලම ලිපිනයෙ පදිංචිව සිටින හිරුණි කුමාරි හා ඇගේ මව වන වයස අව්රුදු 60 පමන වු H.මන්ගරිකා සමඟ බොහෝ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් හදවත් රෝගියෙක් පෙලෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන වයස අව්රුදු 1.5 පමන වන නෙතුකී තෙහන්සා 2022-08-22 අනුරාධපුර තීක්ෂණ රෝහලේ මෙලොව එළිය දුටුවේ ජිවත් වීම මේ තරමට කෘරිරු බව නොදත් සිඟිත්තියක් ලෙසටයි.උපතින් කිසිදු අඩුපාඩුවක් නොමැතිව මතුපිටින් පෙනෙන ස්වරූපය සාමාන්‍ය පරිදි වූ ළමයෙක් වුවද උපතින් මාස හතක් පමණ ගතවෙන විට ඉඳහිට ඇතිවුණු ස්වසන රෝගී තත්ත්වයක් දරාගත නොහැකි තරමට දරුවා අසනීපවී ඇත්තේ උපතේදී මතුපිටින් දුටු සාමාන්‍ය උප්පත්තියකට වඩා වෙනස් මානයකට මෙම සිඟිත්තිය යොමුකරමිනී.

නිරන්තරයෙන් රෝගී වන දියණියගේ අසනීප තත්වය එන්න එන්නම දරුණු අතට හමුවීම නිසා මවුපියන් දරුවා ගලෙන්බිදුනුවැව හුරුළුවැව ප්‍රාදේශීය රෝහලටත් එම රෝහලේ අනුරාධපුර ශික්ෂණ රෝහලට එයින් නොනැවතුණු රෝගී දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ දරුවා පිළිබද කළ මූලික පරීක්ෂණවල පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.

අසනීප වන සෑම අවස්ථාවකදීම රෝහලට රැගෙන යන දරුවා පිළිබද පරීක්ෂණ කළ වෛද්‍යවරුන් මෙය සාමාන්‍ය දරු උපතකට වඩා වෙනස් ස්වභාවයක් ඇති බවත් උපතින්ම දරුවාගේ හදවත අස්වාභාවික පිහිටීමක් ඇතිවීම නිසා මෙම රෝගී තත්ත්වයට තත්වයට මූලික හේතුව බව නිගමනය වී තිබේ.

ස්ථිර රැකියාවක් නොමැති මෙම සිඟිත්තියගේ මව වන හිරුණි කුමාරි හා ඇගේ සැමියා පාරම්පරික උරුමයෙන් රැකියාව කර ගනිමින් ජීවිත සටන සිදුකළද මෙම පව්ලේ පියා අසනීප තත්වයෙන් පිඩාවට පත් දරුවා හා ඇගේ මව හැර දමා ගොස් ඇත්තේ දරුවාට මාස 8ක දී බව අපට දැනගන්නට ලැබුණා.

සිය පවුලේ වගකීම් හා යුතුකම කිසිදු මායිමකට නොගෙන දරුවා සහ බිරිඳ අතහැර මේ සිගිත්තාගේ පියා ගිය දා සිට සිය වගකීම ඇගේ කිරි අම්මා හා මව ට පැවරී ඇති අතර, ඉන් වැඩි බරක් අදිනු ලබන්නේ කිරිඅම්මා විසින් බව එහි ගිය අපට දක්නට ලැබුණා…

වයස අවුරුදු විස්සක් පමණ හිරුණි කුමාරි විවාහයෙන් පසු වව්නියාව ප්‍රදේශයේ ජීවත් වුවද තම සැමියාගේ හැරයාමත් සමග පත් වූ අපහසුතාවය මගහරවා ගන්නට වෙනත් කිසිදු විකල්පයක් තැන නොමැතිඅනුරාධපුර ගලෙන්බිදුනුවැව වෙම්බුවැව සිවලාකුලම තම මවගේ සෙනෙහස ලබන්නට පැමිණ ඇති අතර. ඇයද තවත් දරුවන් දෙදෙනකු සමඟ ජීවත් වන්නේ රජයෙන් හෝ වෙනත් කිසිවෙකුගේ කිසිදු හව්හරණක් නොමැතිව තම සැමියා ද නොමැති පසුබිමක් තුලවීමෙන් මොවුන්ගේ ජිවිත තව තවත් සරදමට ලක්ව තිබෙනවා.

කුටිය රැකියාව කරගෙන දිනකට රුපියල් 1500ක පමණ මුදලකින් ජීවිතය ගැට ගහ ගත්ත ද නිරන්තරයෙන් අසනීප තත්ත්වයට පත්වන දරුවා වෙනුවෙන් මසකට තුන් හතර වතාවක් පමන අනුරාධපුර ශික්ෂණ රෝහලටත් , රිජ්වේ ආර්යා ළමා රෝහල ටත් ගෙනයාමට සිදුවීමක් එහිදී මග වියදම් හා මසකට වරක් දරුවාට ලබාදෙන එන්නත සඳහා රුපියල් 5600ක පමණ වැයවන මුදලත් මොවුන්ගේ ඉපදීමට සරිලන වියදමක් නොවන බව මොවුන් හැඬු කඳුලින් අප සමග කියා සිටියේ වෙන්න කරකියාගත නොහැකි නිසා බව ඔවුන්ගේ මුළුතැන්ගෙට ගිය අපට තේරෙන්නට මහා වෙලාවක් ගත වූයේ නැත.

අප යන විටත් දරුවාට පමණක් කුසට අහරක් ලබාදී කහට කෝප්පයකින් බඩ පණුවන් රවටා සිටිමට කටයුතු කර ඇත්තේ අද දිනයේදීත් දරුවාගේ මාසික එන්නත් දිනය වෙනුවෙන් රෝහල්ගත වීමට සිදුව ඇති බැවිනි.

කිරිඅම්මා දරුවාගේ මවත් දෙදෙනාම කුලී රැකියාව දෙදෙනාට එකවර කුලී රැකියාවකට යා නොහැකි වී ඇත්තේ දරුවා අසනීප වන මොහොත කෙබඳුද යන්න නොදන්නා බැවින් බව පෙන්වා දෙන මොවුන් කියා සිටින්නේ දිවා රෑ නොබලා එක් අයකු නිරතුරුව දරුවා රැකබලා රැක බලා ගත යුතුව ඇති බවයි.

උපතින් දරුවාගේ හදවතේ පිහිටීම වෙනස්ව පැවැතීමත් සමඟ හටගන්නා රෝගී තත්ත්වය සමනය කිරීමට හැකියාවක් ඇති බව රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බව ඒ හා සම්බන්ධ වෛද්‍යවරු විසින් සටහන් තබා ඇති සායන සටහන් පොත් සාක්ෂි දරයි.

මේ අතර සටහන්ව ඇත්තේ ඉපදුන දින සිට වසර දෙකක් යාමට මත්තෙන් මේ සිඟිති දරුවාගේ හදවත් සල්ල කර්මය සිදුකිරීම අනිවාර්ය වූ කරුණක් බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ දාහතරක මුදලක් වැයවන බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අතර පසුගිය වර්ෂයේ ශල්‍යකර්මය සඳහා දිනයක් නියම කර තිබුණ ද ඊට අදාළ නිසි මුදල උපයා ගත නොහැකි වූ හේතුවෙන් ඉපදී වසර එකහමාරක් ඉක්මවා ගොස් තිබුණත් දරුවාගේ ශල්‍යකර්මය සිදුකර ගැනීමට නොහැකි වූ බව පෙන්වා දෙන වැඩිහිටියන් වැඩි දුරටත් කියා සිටින්නේ ඉදිරි මැයි මස 28 වන දින අදාල ශල්‍යකර්මය සිදුකර ගත යුතු ව ම පවතින බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 14ක මුදලක් තමාට යෙදවිය නොහැකි බවත් නිසි දිනට ශල්‍යකර්මය සිදු කරගත නොහැකිනම් නොදරුවාගේ ජීවිතය අවිනිශ්චිත තත්වයක ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දුන් බවයි…

වසර එකහමාරක් පමණ වන නෙතුකි තෙහන්සාට තමා පසුවන තත්ත්වය පිළිබද මනා අවබෝධයක් නොතිබුණද අවබෝධයක් ඇති අයට දරුවාට අකාලයේ මියයාමට දී බලා සිටිම කෙසේ සිදු කරන්න ද? බව පෙන්වා දෙන වැඩිහිටියන් ඔබෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය තමා වෙත ලබාදෙන ලෙසටයි.

ඒ අනුව මෙම දරුවාගේ කිරි අම්මා වන H.මංගරිකා නමින් ගලෙන්බිදුනුවැව ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුම් අංක 83613954 ට යම් හෝ දායකත්වයක් ඔවුන්ගේ එකම ඉල්ලීමවේ.

වැඩිදුර විස්තර  0743836113

Scroll to Top