Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක වකුගඩු දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.ඒ, මෙරට දියවැඩියා සහ අධිරුධිර පීඩන රෝගීන් බහුලව වාර්තාවීම සැළකිල්ලට ගනිමිනි.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග ජයවික්‍රම මහතා ප්‍රකාශ කළේ, උතුරු මැද පළාත ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගයක් ද පැතිරී ඇති බවයි.

වකුගඩු රෝග රාශියක් ඇති අතර, සරල වකුගඩු රෝග සමඟ ජීවත් වීම කිසිදු අභියෝගයක් නොවන අතර, තමා නියම සටන ඇත්තේ දරුණු මාරාන්තික වකුගඩු රෝග සමඟ වේ. ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මෙම වකුගඩු රෝග අද දින සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට වර්තමානයේ පත්ව ඇත. ඕනෑම දරුණු රෝගී තත්ත්වයක් වළක්වා ගැනීමට එම රෝගය පිළිබඳ සමාජයේ දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමකින් තිබිය යුතු වේ.

වකුගඩු රෝගය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් රැසකගේම ජීවිතවලට මහත් බලපෑමක් ඇති වී තිබීම නිසා රජයට විශාල බරපැනක් දැරීමට සිදුව ඇත. ලෝක වකුගඩු දිනය නම් කිරීමේ අරමුණ වී ඇත්තේ වකුගඩු රෝග ගැන සමාජ අවබෝධය පුළුල් කිරීම, දියවැඩියාව හා අධික රුධිර පීඩනය වකුගඩු නරක් වීමට බලපාන ප්‍රධාන සාධක ‍බව පෙන්වා දීම සහ ඔවුන් ඒ වකුගඩු රෝග ඇත් දැයි පරීක්ෂා කිරීම, වකුගඩු රෝග වළක්වා ගැනීමට අවශ්‍ය පිළිවෙත් දැනුවත් කිරීම, වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙ රෝගය හඳුනා ගැනීමට සහ අවදානම් අඩු කර ගැනීම පිළිබඳ දැනුවත් වීම, වකුගඩු බද්ධ කිරීම සහ ජීවිත බේරා ගැනීම වකුගඩු ප්‍රදානය කිරීමේ වැදගත්කම ගැන දැනුවත් කිරීම වේ.

දරුණු වකුගඩු රෝගවලින් බොහෝවිට වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වන අතර, එහිදි රෝගියාට සහ පවුලේ අයට රුධිර කාන්දුපෙරණය හා වකුගඩු බද්ධ කිරීම යන ක්‍රියාවලියන්ගේ පිහිට ගැනීමට සිදුවේ.

මෙවැනි තත්ත්වයකට පත්වූවන්ට උපකාර කිරීමට ඔවුන්ගේ දුක තේරුම් ගත් ශ්‍රී ලංකාවේ පැරණිතම වකුගඩු රෝගීන්ගේ සංගමය පසුගිය දශකය පුරාවට එම රෝගීන්ට සිදු කළ සුපින්වත් මෙහෙවර කියා නිම කළ නොහැකිය.

මෙවැනි තත්ත්වයකට පත් වූවන්ට උපකාරී කිරීමට ඔවුන්ගේ දුක තේරුම්ගත් ශ්‍රී ලංකාවේ පැරණිතම වකුගඩු රෝගීන්ගේ සංගමය පසුගිය දශකය පුරා එම රෝගීන්ට සිදුකළ සුපින්වත් මෙහෙවර කියා නිම කළ නොහැකිය.

රෝගීන්ගේ මනස ශක්තිමත් කරමින් අහිමි වන්නට යන ජීවිතය එක් තප්පරයකින් හෝ බේරා ගැනීමට කාලය සමඟ සටන් වදින වකුගඩු විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා අද වැනි දිනක අමතක කළ නොහැකි චරිතයක් වන අතර, මෙවැනි නායකත්වයක් ගෙන කටයුතු කිරීමට සුදුසු පුද්ගලයකු ලැබීමට සියලුදෙනාම සුපින්වත් වී ඇත. වකුගඩු රෝගීන්ට ඩයලයිසින් ප්‍රතිකර්මය සඳහා උපකාරි කිරීම, මිල අධික පරීක්ෂණය සඳහා අපකාර කිරීම, විශේෂඥ වෛද්‍ය සේවය ලබාදීම, අසීරු අවස්ථාවන්හිදි රෝගීන්ගේ පවුල්වලට ආධාර වියළි සලකා ලබාදීම, ප්‍රථමවරට වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ ක්‍රමයක් හඳුන්වාදීම, රෝග පිළිබඳ දැනුවත් කිරීමට භාෂා තුනෙන්ම පොත් 13 ක් මුද්‍රණය කර එළිදැක්වීම, රෝගීන්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ක්‍රමයක් සැකසීම, වකුගඩු කැලැන්ඩරයක් වාර්ෂිකව නිර්මාණය කිරීම, රෝගීන්ට හැඳුනුම්පතක් ලබාදීම තුළින් සමාජයේ පිළිගැනීමක් ලබා දීම, රෝගීන් මිය ගිය විට අවමංගල්‍ය කටයුතු සඳහා උපකාර කිරීම, වකුගඩු රෝගය පිළිබඳ වෛද්‍ය විද්‍යා පුවත්පතක් (වකුගඩුව) එළිදැක්වීම ඇතුළු මෙහෙවර රාශියක් මෙම සංගමයෙන් සිදු කරමින් පවතී.

Scroll to Top