Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් අද (08) වර්ජනයේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් හෙට එක්දින වැඩ වර්ජනයක් දියත් කිරීමට සැළසුම් කර තිබේ.

පෙරවරු අටට ආරම්භ වන මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ අද සාකච්ඡාවක්ද පවත්වා තිබේ.එහිදී සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40 ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුවද අද එම ශ්‍රවණාගාරයේදී රැස්වී තීරණය කළේ හෙට සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමටයි.

Scroll to Top