ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේ දී සතිපතා යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඒ අනුව අද උදෑසන ද සියළු ගිණුම් යාවත්කාලීන වී ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද අමාත්‍යවරයා පවසන්නේ, ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතිනු ඇති බවයි.
මෙලෙස ඉන්ධන කෝටාව යාවත් කාලීන කිරීමේ දින වෙනස් කිරීමට හේතු වූයේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්තාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්තයේ මෙහෙයුම් වියදමවම කිරීමට බව කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.
මෙම නව වෙනස් කිරීමත් සමග අදාල ආයතන දෙකෙහිම සති අන්තයේ මෙහෙයුම් කටයුතු අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.