Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

IMF මාර්තු 20 ලැබෙන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සුබවාදී පණිවුඩයක් ලැබී තිබේ. ශ්‍රී ලංකාව ප්‍රධාන ද්විපාර්ශ්වි ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් මේ වනවිට ලබාගෙන ඇති බව එහි සඳහන් වේ.

එසේම 2022 සැප්තැම්බර් 01 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි එකඟතාවය, අනුමැතිය සඳහා සලකාබැලීම වෙනුවෙන් මාර්තු 20 වනදා පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද ඉන් අවස්ථාව සැලසෙන බව එහි සඳහන් වේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලැබී ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණයට එළැඹි බවයි.

අමෙරිකා ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඇති කරගත්තේ 2022 වසරේ සැප්තැම්බර් පළමුවැනිදායි.

 

Scroll to Top