ඉකුත් නිමාවට පත් වූ 2022 අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු තව දුරටත් ප්‍රමාද වීමේ තත්ත්වයක් පැන නැගී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සහභාගීවන ගුරුවරුන්ගේ දීමනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගද කල් යා හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පෙන්වා දෙයි.