Aboutceylon Online

පළමු වසර සිසුන් සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට විවෘතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසර සිසුන් සඳහා අද (27) විවෘත කෙරේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියන් පැවසුවේ, සිව්වන වසර සිසුන්ගේ විභාග ලබන 3 වැනිදා ආරම්භ කරන බවයි.

අනෙකුත් සිසුන්ට අප්‍රේල් නිවාඩුවෙන් පසු විශ්වවිද්‍යාලය විවෘත කිරීමට සැලසුම් කර ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මාස 2කට අධික කාලයක් වසා දමා තිබූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට එකවර විවෘත කරන්නැයි ඉල්ලමින් පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රය අසළ ආරම්භ කිරීමට උත්සාහ කළ සත්‍යග්‍රහය අවස්ථාවේදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් අද විශ්වවිද්‍යාලයේ පාලක සභාව රැස්වී කරුණු සාකච්ඡා කරන බව ද උපකුලපති හිමි පැවසූහ.

උපකුලපති හිමියන් වැඩිදුරටත් පැවුසවේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විනය බලතල, නේවාසිකාගාර ශාලාධිපති හිමියන්ට පැවරීමට පියවර ගෙන ඇති බවයි.

Scroll to Top