හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශය ආශ්‍රිතව නුදුරේදී භූකම්පනයක් සිදුවිය හැකි බවට සිදු කරන උපකල්පන හමුවේ ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට එම ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ කණ්ඩායම් අද (27) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම සඳහන් කළේ.
නුදුරු අනාගතයේදී ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 8 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක බලපෑම එල්ල විය හැකි බවට භූගර්භ විද්‍යාඥයින් පෙරේදා අනතුරු අඟවනු ලැබුවා.
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2500කට නුදුරින් පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවා තිබුණේ.