Aboutceylon Online

එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

53 හැවිරිදි මෙම රෝගියා 2008 වසරේදී මොහුට එච්.අයි.වී ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඉන් වසර 3 කට පසුව ලියුකේමියා රෝගියකු බව අනාවරණය විය. මෙම රෝගියා ලියුකේමියා පිළිකාවෙන් ද පීඩා විඳ ඇත.

කඳ සෛල බද්ධ කිරීම මගින් මෙම පුද්ගලයා එච්.අයි.වී වයිරසයත් පිළිකාවත් මුළුමනින්ම පරාජය කළ බව නේචර් මෙඩිසීන් වෛද්‍ය සඟරාවේ පළවූ අධ්‍යයන වර්තාවක සඳහන් විය.

 

Scroll to Top