ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) ආරම්භ වෙයි.
G20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකාබැලෙන අතර චීනය ඇතුළු මෙරට ණයහිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇත.
සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඉන්දියාව, චීනය, සෞදි අරාබිය මෙන්ම එක්සත් ජනපදය ප්රමුඛ G7 කණ්ඩාමේ රටවල මාර්ගගත රැස්වීමක් ද පැවැත්වෙයි.
ණය අර්බුදයට ලක්වූ රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන පොදු ප්‍රමිති පිළිබඳ එකඟතාවයකට එළඹීමට එහිදී අදහස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.