වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන අස්වැන්න මෙට්රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුමක් සකස් කර තිබේ.
මෙම වැඩ පිළිවෙල යටතේ වසර තුනකදී ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් ඇතුළත ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක දී ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.
ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉලක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය කියයි.