Aboutceylon Online

ජයිකා ව්‍යාපෘති යළි අරඹන්නැයි ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය සම්පූර්ණ වූ වහාම නවතා ඇති ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලීමක් කර තිබේ.

ජයිකා ආයතනයේ දකුණු ආසියාව සඳහා වන අධ්‍යක්ෂ ජනරාල් ඉතෝ තෙරුයුකි හමු වූ අවස්ථාවේදියි අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

එහි දී ඔහු අග්‍රාමාත්‍යවරයාට සහතික වී ඇත්තේ මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවයි.

රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් වටිනා ජයිකා ව්‍යාපෘති 12 ක් තාවකාලිකව නතර කර තිබෙනවා.

Scroll to Top