ඊයේ(20) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.34ට පමණ රිච්ටර් මාපකයේ 6.4 ක තවත් බලගතු භූමිකම්පාවක් දකුණු තුර්කියේ වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙයි. මෙම භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 8:04 ට සිදුව ඇති අතර කම්පනය කිලෝමීටර් 2 ක් ගැඹුරින් ඇති වූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.
භූමිකම්පාව Defne නගරයට බලපෑ අතර උතුරින් කිලෝමීටර් 200ක් ඔබ්බෙන් ඇති Antakya සහ Adana නගරවලට දැඩි ලෙස දැනී ඇත.
මෙම මස මුලදී දස දහස් ගණනක් මිනිසුන්ට මරු කැඳවූ කම්පන වලින් විනාශ වූ තුර්කියට අනතුරුදායක තත්වය තවම පහව ගොස් නැති බව ඒත්තු ගන්වා ඇත.
කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසුව කලාපය සෙලවුණ බව තුර්කියේ හදිසි කළමනාකරණ ඒජන්සිය පවසයි.