Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මරණ 40000යි තුර්කි භූමිකම්පා මුදාගැනීමේ මෙහෙයුම නවතා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වූ බව තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය (AFAD) ඊයේ (19) පවසා තිබේ.

“භූකම්පා හේතුවෙන් මේ දක්වා මියගිය සංඛ්‍යාව 40,642 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු බොහෝ පළාත්වල අවසන් වී ඇත” යනුවෙන් AFAD හි ප්‍රධානී යුනිස් සෙසාර් ද මාධ්‍ය වෙත පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ තුර්කිය සහ සිරියාව යන රටවල් දෙකෙහිම මිලියන 26 ක පමණ පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බවයි.

දේශසීමා දෙපස ඇති හානිය අතිමහත් වන අතර බොහෝ පීඩාවට පත් ප්‍රජාවන්හි සනීපාරක්ෂක යටිතල පහසුකම්වලට හානි වීම සහ පිරිසිදු ජලය නොමැතිකම හේතුවෙන් ආසාදන පැතිර යා හැකි බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇත.

Scroll to Top