Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වසරකට මෙරට ළමුන් 900 ක් පිළිකා රෝගයට ගොදුරු වෙයි : ළමුන් අතර මන්දපෝෂණයත් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසරකට මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය.

මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.

එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර වාර්තා වන පිළිකාවල රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුණ හොත් සුව කළ හැකි බවයි.

අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර බඩ ඉරිඟුවල අඩංගු ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතයේ ගැටලුවක් හේතුවෙන් මාස ගණනාවක සිට අවුරුදු 3 ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට බාධා මතුව තිබේ.

ඒ, මෙරට ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සමී ක්ෂණ කිහිපයකින් හෙළිව ඇති පසුබිමකයි.

මේ පිළිබඳව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිඟු භාවිත කළ යුතු බවට වන නිර්දේශය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එවැනි බඩ ඉරිඟු නිෂ්පාදන සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පවතින ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස් කිරීම් සිදු කරන බවයි.

Scroll to Top