ඉන්දියානු දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරියක් ලෙස, ඇය දිස්ත්‍රීක්කයේ නීතිය හා සාමය සඳහා වගකිවයුතු වන අතර පොලිසියේ සහ නඩු පවරන ආයතනයේ ප්‍රධානියාද වෙයි… එමෙන්ම ඇය දිස්ත්‍රීක්කයේ ආදායම් පරිපාලනයේ ප්‍රධාන නිලධාරිනියද වන අතර ඉඩම් ආදායම් එකතු කිරීමේ වගකීම දරණු ලබයි… ඉන්දියාවේ එක් එක් දිස්ත්‍රික්කයන් තුළ ඉහළම ආදායම් එකතුකිරීම් කරනු ලබන්නේද අධිකරණ අධිකාරියයි…
මෙවැනි වගකීම් සම්භාරයක් දරන ඇය හොඳින් ඇඳ පැළඳගෙන සිටින්නේවත් කිසිම ආලේපණයක් හෝ මේකප් දමාගෙන සිටින්නේවත් නැත්තේ ඇයි…?
කේරල ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරිය නැත්නම් ආදායම් බදු එකතුකරන්නිය වන ‘ශ්‍රීමතී සොයමෝයි ක්වීන්’ නම් ඇය උසස් විද්‍යාලයක විශාල සිසුන් පිරිසක් අමතමින් සිටියි…
සාම්ප්‍රදායික ඉන්දීය කාන්තාවන් මෙන් කිසිම වටිනා ආභරණයක් පැළඳ නොසිටි ඇය සාමාන්‍ය අත් ඔරලෝසුවක් පමණක් පැලඳගෙන සිටියි…
එතැන සිටි බොහෝ දරුවන්හට ප්‍රශ්ණයක් සහ ඔවුන් මවිතයට පත් කළ කාරණය වූයේ මෙපමණ බළවත් කෙනෙක් වූ ඇය මුහුණට පවුඩර් ටිකක්වත් නොදා සිටීමයි…!
ඇය දේශණය පවත්වනු ලැබුයේ ඉංග්‍රීසි භාෂාවෙනි… ඇගේ දේශණය පැවතියේ විනාඩි කිහිපයක් පමණි…
නමුත් ඇගේ දේශණය තුළ ගැබ්ව තිබූ වචන ඉතාමත් ශක්තිමත් විය…
දේශණය අවසානයේ සිසුන්හට ඇයගෙන් ප්‍රශ්ණ කිහිපයක් අසන්නට අවස්ථාව උදාවුනි…
එක් සිසුවෙකුගේ ප්‍රශ්ණය වූයේ… ඔබේ සම්පූර්ණ නම කුමක්ද..?
“මගේ නම ක්වීන්… සෝයාමෝයි කියන්නේ මගේ වාසගම… මම ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ කෙනෙක්…”
“මගෙන් තවත් යමක් ඇසීමට ඔබ කාටහරි අවශ්‍යද..?”
එතකොටම කෙට්ටු ගැහැණු ළමයෙක් සභාවෙන් නැගී සිටිනවා…
“මැඩම්… ඇයි ඔබ මූණට මේකප් ටිකක්වත් දැම්මේ නැත්තේ…?”
එතකොටම ඇගේ මුහුණ වෙනස් වෙන්න පටන් ගන්නවා…
ඇගේ නළලින් දාඩිය දාන්න පටන් ගන්නවා…
මෙතෙක් වෙලා තිබුණු ඇයගේ මුහුණේ සිනහව සැඟවී ගියා… ඒ අහපු ප්‍රශ්ණයට ඇයගෙන් ලැබුණු ප්‍රතිචාර අනුව මුළු ප්‍රේක්ෂකාගාරය එකපාරටම නිහඬ උනා…
ඇය මේසය මත තිබූ වතුර බෝතලය විවෘත කර එයින් ටිකක් පානය කළා…
ඉන්පසු ප්‍රශ්ණය ඇසූ එම සිසුවියට වාඩි වන ලෙස සංඥා කරමින් සෙමින් කතා කරන්නට පටන් ගත්තා…
“ඇය මගෙන් ඇහුවේ අවුල් සහගත ප්‍රශ්නයක්…”
” මේක මට වචනයකින් දෙකකින් පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි…”
“මේකට මගේ ජීවිත කතාවෙන්ම උත්තර දෙන්න ඕනි ප්‍රශ්ණයක්…”
“මගේ කතාව වෙනුවෙන් ඔබේ වටිනා කාළයෙන් විනාඩි කීපයක් වෙන් කරන්න ඔබ සූදානම් නම් මම ඒක කියන්නම්…?”
“මම ඉපදුනේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගෝත්‍රික ජනාවාස තිබෙන ප්‍රදේශයක…”
ඇය සැහැල්ලු වී නැවතත් ප්‍රේක්ෂකයින් දෙස බැලීය…
“ඉන්දියාවේ මයිකා කැණීම් කරන උමං මාර්ග වලින් පිරිච්ච ගොඩර්මා දිස්ත්‍රික්කයේ ගෝත්‍රික ප්‍රදේශයේ කුඩා ගෙදරක තමයි මම උපත ලබන්නේ…”
“මගේ අම්මයි තාත්තයි දෙන්නම පතල් කම්කරුවන්… මට අයියලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි හිටියා…
“අපි ජීවත් වුණේ වහිනකොට හොඳටම තෙමෙන පොඩි කුටියක…”
“මගේ දෙමවුපියන්ට වෙනත් රස්සාවක් හොයාගන්න බැරිඋන නිසා අඩු පඩියකට උමඟක වැඩ කළා… ඒකේ වැඩ කරනවා කියන එක හරිම අමාරු වැඩක්…”
“මට වයස යන්තම් අවුරුදු හතරක් වෙද්දී මගේ අම්මයි,තාත්තයි, අයියලා දෙන්නයි ගොඩක් ලෙඩ වෙලා ඇඳට වැටුණා…”
“එතකොට එයාලා දැනගෙන හිටියෙ නෑ… මේ ලෙඩේ හැදෙන්නේ උමං වල තියෙන මාරාන්තික මයිකා දුහුවිලි ආශ්වාස කිරීම නිසා කියලා…”
“මට අවුරුදු පහක් වෙනකොට මගේ අයියලා දෙන්නම මැරුණා…”
ඇය තම කතාව නවතා නවතා මඳ සුසුමක් හෙලමින්, කදුළු පිසදමමින් පසු ආයෙත් කතාව පටන් ගත්තා…
“ගොඩක් දවස් වලට වතුරයි පාන් පෙත්තක් හෝ දෙකක් තමයි මුළු දවසටම අපිට කන්න තිබුණේ…
“මගේ සහෝදරයන් දෙදෙනාම මියගියේ දරුණු රෝග සහ කුසගින්න නිසයි…”
“අපේ ගමේ දොස්තර කෙනෙක් හිටියේ නෑ… ඉස්කෝල තිබුණේ නෑ… ඉස්කෝලේකට යන කවුරුත් හිටියෙත් නෑ…”
“හේතුවක් නැතිව ඔහේ තිබුණු ගමක්… පාසලක්, රෝහලක්, වැසිකිළියක්, විදුලියක් නැති ගමක් ගැන ඔබට සිතාගන්න පුළුවන්ද…?”
” අන්න ඒ වගේ තැනක තමයි අපි ජීවත් වුණේ…”
“දවසක් මට බඩගිනි වුණාම තාත්තා මාව යකඩ තහඩුවලින් ආවරණය කරපු ලොකු උමගකට එක්කගෙන ගියා…”
“ඒක ඒ පළාතේ තිබුණ සුප්‍රසිද්ධ මයිකා පතලක්…”
“මේක පරණ පතලක්… මගේ රැකියාව උනේ උමඟ අභ්‍යන්තරයේ තියෙන කුඩා ගුහා හරහා බඩගාමින් ගොස් මයිකා ඛනිජ එකතු කිරීමයි…”
“මේ වැඩේ පොඩි ඉඩකින් රිංගලා ගිහින් කරන්න පුළුවන් උනේ මං වගේ අවුරුදු දහයට අඩු දරුවන්ට විතරයි…”
“මේ විදියට දවසකට පැය අටක් වැඩ කළොත් අඩුම තරමේ පාන් ගෙඩියක්වත් ලැබෙනවා…”
“එදා මගේ ජීවිතයේ පළමු වතාවට මම පාන් කාලා බඩ පුරවගත්තා…”
“පස්සේ මම පළමුවෙනි ශ්‍රේණියේ ඉන්නකොටත් මට විෂ දූවිලි තිබෙන හුස්ම ගත හැකි අඳුරු කාමරවල පවා මයිකා සුවඳ දැණෙන්න පටන්ගත්තා…
“පතල් ඇතුලේ සිදුවන අනපේක්ෂිත ලෙස නායයෑම්වලින් කුඩා දරුවන් මියයාම ඒකාළේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා..
“සමහර වෙලාවල්වලට සමහර අය භයානක ලෙඩ රෝගවලින් ද මිය යනවා…
“කුසගින්න නිසා හැමදාම මට තිබුණේ සිහින් සිරුරක්… ඒ වගේම මම දියවැඩියාවෙන් පෙළෙමින් සිටියා…”
“හරියටම අවුරුද්දකට විතර පස්සේ මගේ නංගිත් උමඟේ වැඩ කරන්න පටන් ගත්තා…”
“ටික කාළයකින් අපි ටිකක් හොඳ තත්වයකට ආවා… ඒ කියන්නේ තාත්තයි අම්මයි නංගියි අපි හැමෝම බඩගින්නේ ඉන්නේ නැතුව ඉන්න පුළුවන් කියන තත්ත්වයට ආවා…”
“එත් ටික දවසකින් දෛවය අපට හරස්වුනා…”
“දවසක් තද උණ නිසා මම වැඩට නොගිහින් ඉන්නකොට එකපාරටම ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා…”
” උමඟ පාමුළ හිටපු කම්කරුවන් ඉදිරිපිටම පතල් කඩා වැටීමෙන් මිනිසුන් සිය ගණනක් එදා මිය ගියා…”
” ඒ සෙනඟ අතර හිටපු මගේ අම්මයි, තාත්තයි, නංගියි ඒකෙන් මිය ගියා…”
කතාව අහගෙන හිටපු හැමෝගෙම ඇස්වලින් කඳුළු ගලන්න පටන්ගත්තා…
කතාව අහගෙන හිටපු සියලු දෙනාටම හුස්ම ගන්නට පවා අමතක උනා… බොහෝ දෙනෙකුගේ දෙනෙත් කඳුළින් පිරී තිබුණා…
“මට එතකොට වයස අවුරුදු හයක් විතර ඇති කියලා මතක තියාගන්න…”
“අන්තිමේදී මම අනාතවෙලා රජයේ අගති මන්දිරයට ළඟා උනා… එතනින් තමයි මම මුළින්ම අකුරු කියන්න පටන් ගත්තේ…”
“මගේ ගමෙන් මුළින්ම අකුරු කියවන්න ඉගෙන ගත්තු පළමු ගෑණු ළමයා තමයි මම…”
“ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ… මම මේකප් නොදා සිටීමයි, මායි අතර තියෙන සම්බන්ධය මොකක්ද..?”
ඇය මොහොතක් එක එල්ලේ ප්‍රේක්ෂකාගාරය දෙස බලාගෙන සිටියා…
“ඒ දවස්වල මම අඳුරේ, උමං වල බඩගාලා, බඩගාලා මයිකා එකතු කරනවා… මට ඒ එකතුකරන ඒවා ගැන කිසිම දැණුමක් තිබුණේ නෑ…”
“එදා අපි වගේම අදටත් කුඩා ළමයි ජීවිත අනතුරුත් තියාගෙන, දුක් විඳගෙන, බඩගාගෙන එකතුකරපු, එකතුකරන මයිකා සියලුම වර්ගයේ ආලේපනවලට භාවිතා කරන බව මට වැටහුණේ පස්සේ කාළෙදී…”
“මයිකා කියන්නේ ප්‍රතිදීප්ත සිලිකේට් ඛනිජයේ පළමු වර්ගයයි…”
“බොහෝ විශාල රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ඛනිජමය මේකප් ආලේපන වෙනුවෙන්, ඔබේ සම පැහැපත් කරන වර්ණවත් මයිකා රැසක් එකතුකරන්න කුඩා දරුවන් 20,000කගේ ජීවිත අවදානමට ලක් කරන බව ඔබ දන්නවාද..?”
“රෝස මල් වල මුදු මොළොක් බව ඔබේ කම්මුල්වල පැතිරෙයි…”
“ඒ සිහිනය ඔබට ලබාදෙන්න… ඔවුන්ගේ ගිනිගත් සිහින… බිඳුණු ජීවිත… ගල්පර අතර තැළුණු ලේ…
තවමත් ඔවුන් ඔබ වෙනුවෙන් කැප කරමින් ඉන්නවා…”
“ඒ බිලිඳු අත්වළින් ඩොලර් මිලියන ගණනක් වටිනා මයිකා තවමත් පතල්වලින් ලබානිමින් ඉන්නවා…”
“මුහුණේ පව්ඩර් කුඩු, ආලේපණ ක්‍රීම්, ලිප්ස්ටික් පිරුණු ගැහැණු ළමයින් දැක්කොත් ඔවුන්ට වෛර කරන්නවත්, ඔවුන්ට දොස් කියන්නවත් එපා…”
“උසස් තත්ත්වයේ මයිකා තවමත් ජාර්කන්ඩ්හි පතල්වල කපමින් පවතිනවා…”
“තවමත් කුඩා දරුවන් 20,000කට වැඩි පිරිසක් කිසිම පාසලකට යන්නේ නැතුව ඒවයේ සේවය කරමින් ඉන්නවා…”
“තවමත් මින් සමහරුන් නාය යෑම් නිසා මිය යමින් සිටිනවා… තවත් සමහරු දරුණු රෝග නිසා මිය යනවා…”
“ඉතිං… අපගේ තිබෙන මේ සුන්දරත්වයට අපි ඔවුන්ට නමස්කාර කරන්න ඕනි නේද..?”
“දැන් ඔබ මට කියන්න…”
“මම… මගේ මුහුණේ මේකප් යොදන්නේ කොහොමද..?”
“කුසගින්නෙන් මිය ගිය මගේ සහෝදරයන් සිහිකර මම කොහොමද බඩ පිරෙන්න කන්නේ..?”
“හැමදාම ඉරුණු ඇඳුම් ඇඳපු මගේ අම්මා සිහිකර මම කොහොමද මිල අධික සේද ඇඳුම් අදින්නේ…?”
ඊට පස්සේ කිසිම දෙයක් කතා කරගන්න බැරිව…
ඔළුව උස්සගෙන… මද සිනහවක් පාමින් ඇය වේදිකාවෙන් බැස යනවා…
සියළුම ළමුන්, ප්‍රේක්ෂකයෝ නොදැනුවත්වම තම අසුන්වළින් නැගී සිටිනවා…
සමහරවිට ඔවුන්ගේ ඇස්වලින් ගලාගිය උණුසුම් කඳුළු සමඟ ඔවුන්ගේ මුහුණුවල තිබෙන වේශ නිරූපණ, ආලේපණ ඒ වෙලාවේ දිය වී යන්නට ඇති…
මෙය මලයාලම් භාෂාවෙන් ලියා තිබූ පරිවර්තනය කළ සත්‍ය සිදුවීමකි.