වී කිලෝවක් රුපියල් 100 ක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
උතුරු පළාත ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කිරීම හේතුවෙන් මෙවර මහ කන්නයේදී අතිරික්ත වී අස්වැන්නක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
මේවනවිට මෙරට බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩා විඳීම නිසා සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති කොටස් ද සිටින බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
එබැවින් එවැනි ආර්ථික දුෂ්කරතා සහිත හඳුනාගත් පවුල් ලක්ෂ 20 ක් සඳහා මෙම වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
මේවනවිට කුඹුරු හෙක්ටයාරයකට වී මෙටි්රක් ටොන් 03 ක අස්වැන්නක් ලැබෙන අතර රජය විසින් ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමග එය හෙක්ටයාරයකට වී මෙටි්රක් ටොන් 06 ක් පමණ ලබාගැනීමට අවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
හැකිනම් එම අස්වැන්න හෙක්ටයාරයකට වී මෙටි්රක් ටොන් 07 ක් ලැබෙන පරිදි වර්ධනය කර ගත යුතු අතර එම දියුණුව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ නවීන සහල් මෝල් ඉදිකිරීමට ද රජය බලාපොරොත්තු වන අතර එළඹෙන වසර 02 ක කාලය තුළ එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
මේ අතර පුනරීන් වැව ප්‍රතිසංස්කරණය කිරීමට රජය කටයුතු කරන අතර ඉරණමඩු වැව මේවනවිටත් සකස් කර අවසන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජයකලා මහේෂ්වරන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී ඩි වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.