පසුගිය මාර්තුවේ දී ආන්දෝලනාත්මක මරණයක් ගැන පුවතක් ලොවට මවමින් දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව ‘හැරල්ඩ් සන්’ සහ ‘මිරර්’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ම වාර්තා කරයි.
එහි දී වෝන්ට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට ඔහු සිය අවසන් කැමැත්තෙන් තීරණය කර ඇති අතර එලෙස සිය දරුවන් අතරේ බෙදී යන ඉඩම් වත්කම්වල වටිනාකම යූරෝ මිලියන 12ක් වනවා.
තව ද වෝන්ට සතු වූ BMW, Mercedes-Benz වර්ගයේ මෝටර් රථ මෙන් ම Yamaha වර්ගයේ යතුරු පැදියක් ද ඇතුළු ව සියලු ම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති අතර වෝන්ගේ පුද්ගලික ණය සහ සෙසු බැංකු ගිණුම්වල ඇති අතිවිශාල ධනය ද බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමට ද සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති බවයි.
කෙසේ වෙතත් වෝන් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නැහැ.