Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැතිවරණය නිසා රාජ්‍ය දේපල අවභාවිතාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළාත් පාලන ආයතන විසුරුවන්නේ නොමැතිව පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කිරිම නිසා පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බව ජාතික ජන බලවේගයේ අඹගමුව ප්‍රාදේශිය සභාවේ අපෙක්ෂක සහ කණ්ඩායම් නායක මංජුල සුරවිර ආරච්චි මහතා පැවසිය.

මංජුල සුරවිර ආරච්චි මහාතා ඒ බැව් කියා සිටියේ  ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ මැතිවරණ කොමිසම ජන්ද දායකයාගේ මුලික අයිතිවාසිකම් දිනා දිමට උපරිම අයුරින් උත්සහ කරන බවත්, පළාත් පාලන විසුරුවන්නේ නොමැතිව සිටින නිසා මහ නගර සභා , නගර සභා සහ ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් මේ දිනවල එම පළාත් පාලන ආයතන වාහන වල මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ පෞද්ගලික ගමන් බිමන් යාමට යොදාගෙන ඇති බවයි.

මෙවැනි රාජ්‍ය දේපල අවභාවිතා කිරිම තුලින් සාධාරණ මැතිවරණයක් පැවැත්විමට නොහැකි බවත්, එබැවින් කඩිනමින් පළාත් පාලන ආයතන විසුරුවා හැර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසයි මංජුල සුරවිර ආරච්චි මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.

රංජිත්

Scroll to Top