මෙරට පුජනිය ස්ථාන වැද පුදා ගැනිමට තායිලන්තනයෙන් , කම්බෝජයෙන් සහ මියන්මාරය යන රටවල් වලින් මෙරටට වැඩම කර සිටින මහ සංඝරත්නය ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කරයි.
මෙරට පුජනිය ස්ථාන වැද පුදා ගැනිම සදහා තායිලන්තයෙන් , කාම්බෝජයෙන් සහ මියන්මාරයෙන් මෙරටට වැඩම කර සිටින පනස් නමකින් සමන්විත මහ සංඝ රත්නය (03) දින ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කර වැද පුදා ගනු ලැබුහ.
ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කර ආපසු නල්ලතන්නිය දක්වා වැඩම කල මහ සංඝ රත්නය උදෙසා ඖෂධිය පාද සත්කාරයක් සිදු කිරිමේ පිංකමක් නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේදි (03) දින පස්වරුවේ සිදු කෙරිණ.
හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ නොවෙනස් කලණ මිතුරු එකමුතුව , හැටන් සහ නල්ලතන්නිය පොලිසිය එක්ව මෙම පිංකම සංවිධානය කර තිබු අතර , මෙම පිංකමට නොවෙනස් කලණ මිතුරු එකමුතුවේ සමාජිකයන් , හැටන් ප්‍රදේශවාසින් සහ පොලිස් නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.
නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය දෙහිපේ නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදු කල අතර , ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කල තායිලන්ත , කම්බෝජ සහ මියන්මාර මහ සංඝ රත්නය (03) දින රාත්‍රියේ කල්ප රුක්ෂ විහාරස්ථානයේ නවාතැන් ගෙන (04) දින නුගේගොඩ ප්‍රදේශයට වැඩම කරනු ලැබුහ.
එම භික්ෂුන් වහන්සේලා ගත වු දින කිහිපය තුල රුවන්වැලි මහ සැය , ශ්‍රි දළදා මාලිගාව, මුතියංගණය රජ මහා විහාරස්ථානය යන පුජනිය ස්ථාන වැද පුදා ගැනිමෙන් අනතුරුව ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කරනු ලැබුවේ.
ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කල උන් වහන්සේලා කැළණිය රජමහා විහාරස්ථානයද වැඩ පුදා ගැනිමට නියමිතය.
රංජිත්