කොළඹ නගරයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්විය හැකි කොළඹ, හුනුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් පෙරහර මහෝත්සවය මෙවර 45 වන වරටත් හෙට (5) සහ අනිද්දා (6) වීදි සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව ආරම්භක දිනය වන හෙට මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් විසින්ද; අනිද්දා අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ මූලිකත්වයෙන්ද සිදු කෙරේ.
උද්‍යාන වීදියෙන් ආරම්භ වන පෙරහර ශ්‍රී ජිනරතන මාවත, හුනුපිටිය වැව පාර, ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවලෝක රෝහල ඉදිරිපිටින් හැරී ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, සීමාමාලකය ඉදිරිපිටින් මුත්තයියා පාර, බේබෘෘක් වීදිය, නුගගහ වටරවුම, ශ්‍රී ජිනරතන මාවත, හුනුපිටිය හරස් පාර ඔස්සේ සංචාරය කර විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය.