Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම අද සිට මාර්ගගත ක්‍රමයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (01) සිට මේ මස 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවමද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන නිල වෙබ් අඩවිවලට පිවිස හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන එක්සෑම්ස් ශ්‍රී ලංකා වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකියි.

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගන්නා ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අයදුම්කරුවන් ඉදිරිපත්කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම සහ මුරපද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.

මේ මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර, ඉන්පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නො කරන බව ද ඔවුන් අවධාරණය කරනවා.

Scroll to Top